අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය වන්නේ දේශපාලන විසඳුමක් නොව ආර්ථිකමය විසඳුමක් පමණයි – ප්‍රවාහන ඇමති

රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති අතර ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කිරීමෙන් අනතුරුව නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට හැකි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, අමාත්‍යවරයා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවීය අයවැයක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසරේ මෙරට බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු ඉදිරිපත් වන පළමු අයවැය ලෙස ද මෙය හැඳින්විය හැකියි. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ අන්තර් ජාතික ගෙවීම් තුලාවේ ජංගම ගිණුමේ හිඟය නිසා රට බංකොලොත් තත්ත්වයට ඇද වැටුණා. ඒ නිසා අන්තර් ජාතික ආර්ථික විශ්ලේෂකයින් විසින් “ඵල දැරීමට පෙර ඵල භුක්ති විදි රටක්” ලෙස මෙරට හැඳින්වුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී ඇති නිර්ණායක ඒ ඒ කාල වකවානු තුළ නියමිත ආකාරයට සම්පූර්ණ නොකිරීම ද රට පවතින අර්බුදකාරී තත්ත්වයට ඇද වැටීමට හේතුවුණා.

මෙම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට නම් අප විසින් කරුණු හතරක් අනුගමනය කළ යුතුයි. පළමු වැන්න නම් රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි. දෙවැනි කරුණ ආණ්ඩුව දරණ පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් අඩුකර ගැනීමයි. තෙවන කරුණ ලෙස රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගන්නා අතර රටින් ඉවතට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අඩුකරගත යුතුයි. සිව්වැනි කරුණ වන්නේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමයි. මෙවර අයවැය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ, මෙම කරුණුවලට අදාළවයි.

ඒ වගේම අප මේ වන විට සිරවී තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක් පමණ වනවා. එයින් ඉදිරි වසර 05ක හෝ 06ක කාළය තුළ ගෙවීමට තිබෙන්නේ 37%ක් පමණයි. එම ණය ප්‍රමාණයෙන් 51%ක් ගෙවීමට තිබෙන්නේ වසර 06ත් 20ත් අතර කාලයකදීයි. ඒ වගේම තවත් 12%ක් ගෙවීමට නියමිතව ඇත්තේ වසර 20කට පසුවයි. කවුරුන් විසින් ආණ්ඩු කල ද 2048 වර්ෂය දක්වා මෙම ණය ගෙවීමට අප රට බැඳී සිටිනවා. එසේ නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි වනුයේ සති දෙකක් පමණයි.

අප ලෝකයේ රටවලින් ණය ගෙන නොගෙවා සිටිය හොත් පවතින ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ ණයවර ලිපියක් හෝ නිකුත් කිරීමට හැකියාවක් නෑ. ඒ වගේම ලංකාව විසින් නිකුත් කරන ණයවර ලිපි අනෙක් රටවල් බාර නොගන්නේ නම්, ඛණිජ තෙල්, ගෑස්, ඹෟෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම තත්ත්වයෙන් මිදීමට දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථික විසඳුමක් පමණයි.

මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් පැවති පාලනය අසමත් වූ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම බාරගනු ලැබුවා. ඉන්දියාව, චීනය සහ ජපානය ඇතුළු මෙරට ණය හිමි රාජ්‍යයන්හී නායකයන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා විසඳුමක් ලබාගැනීමට ප්‍රවේශ වුණා.

අයවැයෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන ණය වාරිකය නිකුත් කල යුතු වනවා. ණය ප්‍රථිව්‍යුගත කිරීමට හැකි වුවහොත් අයවැයේ ඇති සියළුම යෝජනා ඉෂ්ඨ කල හැකි සම්පත් ප්‍රමාණයක් අපට ලැබෙනවා. ඉන් අනතුරුව නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කිරීමට ද හැකි වනවා.

අයවැය මගින් වැඩි කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවක වැටුප ගෙවීමට සිදුව ඇත්තේ ද රජය විසින් ජනතාවගෙන් එකතු කරන බදු අදායම්වලින් පමණක් බවද සියලු දෙනාම විශේෂයෙන්ම මතක තබාගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19