අර්ජුනගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැවැන්ත වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලීමට තීරණය කර තිබේ.

පසුගිය දිනෙක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව, ද්වේශසහගත චේතනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්ති නාමයට හානි කිරීමට අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා කිරීම සහ එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යන කරුණු පදනම් කරගෙන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමක දී  මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?