අරගලකරුවන් මැතිවරණයට

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් අරගලයේ නියෝජිතයන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි ඔවුන් මෙලෙස ඇප තැන්පත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බැලුනය ලකුණින් ඔවුන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සඳහන්.

“කොළඹ අල්ලමු වෙනස් කරමු” යන තේමාව යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බවයි අරගලයේ නියෝජිතයන් අද මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය සමග එක් වී මැතිවරණයට තරග කරන බව ද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව අරගලයේ නියෝජිතයන් පිරිසක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ තරග කිරීම වෙනුවෙන් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.youtube.com/watch?v=9NMfh6Y-KlY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14