spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලකරුවන් මැතිවරණයට

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීම වෙනුවෙන් අරගලයේ නියෝජිතයන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණි ඔවුන් මෙලෙස ඇප තැන්පත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බැලුනය ලකුණින් ඔවුන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව සඳහන්.

“කොළඹ අල්ලමු වෙනස් කරමු” යන තේමාව යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බවයි අරගලයේ නියෝජිතයන් අද මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය සමග එක් වී මැතිවරණයට තරග කරන බව ද ඔවුන් සඳහන් කළා.

ඒ අනුව අරගලයේ නියෝජිතයන් පිරිසක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ තරග කිරීම වෙනුවෙන් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

https://www.youtube.com/watch?v=9NMfh6Y-KlY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?