ශ්‍රී ලංකාව නැමති ටයිටැනික් නෞකාව ගැටුණු හිම කන්දෙන් ඉවතට ගන්න තමා උපරිම උත්සාහ ගන්නා බවත් ටයිටැනික් නෞකාව බාරගෙන තිබෙන්නේ එය අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසයි.
ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා දෙසැම්බර් මාසයේ මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යාමට හැකි වුවහොත් වාසි සහගත තත්ත්වයක් උදාකර ගත හැකි වනු ඇතැයි ද පැවසීය.
විදේශ විනිමය ප්‍රථමයෙන් ආරක්ෂා කරගත යුතු බව කී ජනාධිපතිවරයා එහිදී ආනයන සීමා කර ඉන්ධන ,පොහොර සහ ඖෂධ මිලදී ගන්න හැකි බව කීය. මුල දී මෙම ක්‍රියාවලිය යහපත් නොවුණත් දැන් යහපත් තත්ත්වයක් දක්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක කළමනාකරණය කරගත යුතු වෙන බව සඳහන් කළේය. කෘෂිකර්මාන්තය ඇතුළු හැම දෙයකින් ම බදු අය කිරීමට අපට සිදු වු අතර ඒ හැර වෙනත් මඟක් අපට තිබුණේ නැති බවද ඔහු පැවසීය














2015 awith newa langatama ice kuttiya genath thibbe oya ne. edha indhan thamayi newa tika tika gilenna gaththe. cptain singapore penna. seamen hire giya. newa dan gilila iwarayi. goda ganna krama thamayi dan mun hoyanne. kattiyak eka goda ganna denne nahe. express peral wageyi giluna nawen wandhi ganna hadanne. unta ona ammage malakandhen hari comis.
2015 maha bankuwata singapore walin horek import karana maha banku maha putue wadi karawala ape epf sall pilli erala eka cb bond wala invest karala ahalakawath thibune nathi ice kuttiya mawwe oya. edha indhala rata giye ruwitheta, tiken tika wateegena awa, anthimedhi covid saha dollar nathi nisa rata adha nagitaganna beri wagema nagittawanna beri thanakata adha dala.