අයවැයෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය ජනපති නියමයෙන් නවතියි

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදායිකව පිරිනැමෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2023 මුදල් වර්ෂ සඳහා වන අයවැය ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ලබන 14 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?