spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෑන් රථයක් තවත් වෑන් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ යටාල ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරියක් සහ ඇයගේ සැමියායි.

ඔවුන්ගේ අවුරුදු 14ක් වයසැති පිරිමි දරුවා මෙම අනතුරින් බරපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

මියගිය ගුරුවරිය යටාල පාසලේ අද පැවැත්වෙන රැස්වීමක් සඳහා සහභාගී වීමට සිය සැමියා සහ දරුවා සමග යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරා එම අවස්ථාවේ බීමත්ව සිටි බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
31
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?