රිය අනතුරකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ 7 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වෑන් රථයක් තවත් වෑන් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ යටාල ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරියක් සහ ඇයගේ සැමියායි.

ඔවුන්ගේ අවුරුදු 14ක් වයසැති පිරිමි දරුවා මෙම අනතුරින් බරපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

මියගිය ගුරුවරිය යටාල පාසලේ අද පැවැත්වෙන රැස්වීමක් සඳහා සහභාගී වීමට සිය සැමියා සහ දරුවා සමග යමින් සිටියදී අනතුර සිදුවී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරා එම අවස්ථාවේ බීමත්ව සිටි බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14