AFC Banner
Empty Ad
Empty Ad

අමුතුම තාලයට වැඩේ දීපු කිරිපිටි මාෆියාවක්

මේ දිනවල බොහෝ අත්‍යවශ්‍ය බඩු වල මිල ඉහළ ගිහින්.

ඒ අතරම භාණ්ඩ හිඟයකුත් තදින්ම තිබෙනවා.

ඒ අතර කිරිපිටි වලට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්.

පිටකොටුවේ අලුත්ම මාෆියාව

එම කිරිපිටි හිඟය පාදක කරගෙන පිටකොටුව ප්‍රදේශයේ කෙරෙන මහා පරිමාණ කිරි පිටි මාෆියාවක් අල්ලා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන්ට හැකි වුණා.

එය ක්‍රියාත්මක කර තිබෙන්නේ රස කැවිලි නිෂ්පාදනයට භාවිත කරන බව හඟවමින් ග්‍රෑම් 500 ක් බැගින් වූ පොලිතින් පැකට්ටු වල අසුරමින්.

එම පැකට්ටු වල නිෂ්පාදිත දිනයක් , කල් ඉකුත් වන දිනයක් , මිලක් හෝ කිසිවක් සඳහන් වන්නේ නැහැ.

ඒ ආකාරයට කිරි පිටි අලෙවි කළ වෙළෙද සැල් කිහිපයකටම පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් මුද්‍රා තැබුවා.

අපිරිසිදු ලෙස පැකට් කිරීම

එම කිරි පිටි පැකට්ටු කරන ස්ථානයක්ද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබෙන අතර එහිදී එතැන සිටි පිරිස කිරිපිටි පැකට් සකස් කරමින් සිට තිබෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසිදු සෞඛ්‍යය ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් අපිරිසිදු ආකාරයට.

පාරිභෝගික අධිකාරියේ 18 වන වගන්තිය අනුව කිරිපිටි නිශ්චිත භාණ්ඩයක් බවට පත්කර තිබෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ.

එම අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටීමක්ම ප්‍රධානී ප්‍රදීප් කලුතරආරච්චි මහතා සඳහන් කරන්නේ මෙලෙස කිරිපිටි වංචනික ලෙස අලෙවි කිරීමට කටයුතු කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?