අමානුෂික පහර කෑමකට ලක්වූ තාත්තා කෙනෙක් අවසන් ගමන් ගිහින්

ඒරාවූර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් පහර කෑමකට ලක්වු පුද්ගලයකු මිය යෑමේ සිද්ධියක් වාර්තා වනවා. පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ ඒරාවූර් ආරුමුගතාන්කුඩිරුප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගනේෂ් කුණරාසා නමැති තිදරු පියෙක්.

පහර කෑමට ලක්වූ මොහු බරපතළ තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී 10 රාත්‍රි මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියගිය අය හා බිරිඳ අතර දීර්ඝ කාලයක සිට නිතරම ආරවුල් ඇති වී ඇති අතර මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබෙනවා. මේ අතර බිරිඳ සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

පහර කෑමට ලක්වු දිනයේ මියගිය අය තම බිරිඳ හා දරුවන් වෙසෙන නිවසට ගොස් සිටියදී දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇති අතර පසුව එය පහරදීම දක්වා දුරදිග ගොස් ඇති බව සඳහන්. එහිදී බිරිඳ හා දරුවන් මොහුට පහර දී ඇති අතර එයින් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබෙනවා. පසුව අසල්වැසියන් විසින් මොහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් ඇති බව වාර්තා වනවා. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවත්වූ ඒරාවූර් පොලිසිය ඔහුගේ බිරිඳ පුතා හා දියණියන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51