AFC Banner
Empty Ad
Empty Ad

අමාත්‍ය මණ්ඩලය ආර්ථික අර්බුදය ගැන ගත් තීරණ

දැනට මතුව ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

පස්වරු 05ට පමණ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම රාත්‍රී 09.

30 දක්වා පැවති බව වාර්තා වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලයේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී තිබේ.

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැයවන බව විෂය භාර අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය කිරීමේදී ගැටලු රැසක් මතුවනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී රුපියල පා කළ යුතු බවට අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඊට බොහෝ පිරිසකගේ එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ දිනයේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
කාටත් හොරා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ශ්‍රි.ල.නිප හාදයෝ #ranilwickremesinghe #slfp
02:46
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක් #anurakumaradissanayake
05:01
Video thumbnail
නිමල් සිරිපාල මාධ්‍යට මුහුණ නොදී - පැනල ගියේ මෙහෙමයි #slpp #election2024
01:14

?