අම්මගෙ පුතාගෙයි හෙරොයින් ජාවාරම පොලීසියට කොටුවෙයි

මාතර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ලද තොරතුරක් අනුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර මහතා ඇතුළු කණ්ඩායමක් මිදිගම පොලිස් වසමේ ගුරුබැවිල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නියුතු මවක් සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 සහ සහ 35 වන මෙම මව සහ පුතු කුලියට ගත් නිවසක රැඳී සිටිමින් මාස 6කට අධික කාලයක් මෙම ජාවාරමේ නිරතව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයන් සතුව හෙරොයින් ග්‍රෑම් 12ක් සහ මුදලින් රුපියල් එක්ලක්ෂ එක්ලක්ෂ හතලිස් එක්දහස් පන්සිය පනහක මුදලක් තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

බන්ටි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පුත්‍රයා සහ මව විසින් ඊසි කෑෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවට වැඩිදුර විමර්ශන වලින් හෙලිවී තිබෙනවා. සකසන ලද මත්ද්‍රව්‍ය පැකට්ටුවක් රුපියල් 5000 ක මුදලකට අලෙවි කර තිබෙනවා

සැකකරුවන් හෙට දෙන මාතර මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

image 108
image 109

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?