spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

දෙවන දිනටත් නඩු විභාගය සිදු කෙරුණේ ගම්පහ පළාත් බද මහාධිකරණයේදී යි.

පසුගිය නඩු වාරයේදී අධි චෝදනා භාර දුන් විත්තිකරුවන් 37 දෙනාම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ඇප ලබාදීමට විරුද්ධ වුණා.

දෙපාර්ශ්වයේ කරුණු සළකා බැලූ අධිකරණය ඇප ලබාදීමේ නියෝගය නිකුත් කිරීම සදහා ලබන 28 වනදා නඩුව කැදවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?