අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී.ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මෙම දිවුරුම්දීම අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණයේ සභාපති ලෙසත්, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්