අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් හතරක් පත්කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ මෙම පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, අනුව මහාධිකරණයේ හිටපු විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්.කුලතුංග, ඩී තොටවත්ත, ආර්.ඒ.රණරාජා සහ එම්.සී.එල්.බී.ගොපල්ලව (හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) මෙලෙස නව අභියාචනාධිකර විනිසුරුවරුන් ලෙස පත්කර තිබෙනවා.

අද (06) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව පත් කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්