අපේ රටේ මත්ලෝලීන්ට ලැබෙන්න යන අපූරු චාන්ස් එක

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් අට දහසක් (8000) පුනරුත්ථාපනය කර ඔවුන්ව විදෙස් රැකියා සඳහා යොමු කරවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශ පියවර ගෙන තිබේ.

විදෙස් රැකියාවන් සඳහා යොමු කිරීමට හැකිවන ආකාරයේ පුහුණුවීම් එම පුනරුත්ථාපන කාලය තුළ ඔවුන්ට ලබාදීමටද පියවර ගෙන ඇත.

පුනරුත්ථාපන කාලසීමාව නිසි ලෙස අවසන් කරන යහපත් කල් ක්‍රියාවෙන් යුතු පුද්ගලයන් එසේ විදේශ රැකියාවන් සඳහා යොමු කිරීමට ද නියමිත ය.

පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි ලෙස අවසන් කරන එහෙත් විදෙස් රැකියාවන් සඳහා යොමු කිරීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් මෙරට ආයතනයන්හි විවිධ රැකියාවන් සඳහා යොමු කිරීමට ද අවධානය යොමුව ඇත.

මේ වන විට පුනරුත්ථාපනය ලබමින් සිටින 600ක් පමණ වූ පුද්ගලයන් සංඛ්‍යාව 8000 දක්වා වැඩි කර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන කන්දකාඩු, සේනපුර, හා වවුනියාව යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතරව පොළොන්නරුව, නොච්චියාගම, කන්තලේ, කිලිනොච්චිය, ඇඹිලිපිටිය හා පුත්තලම යන ප්‍රදේශවල නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීමට කටයුතු යොදා ඇත.

මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යොමුව සිටින පුද්ගලයන්ගෙන් සමාජයට සිදුව තිබෙන හානිය වළක්වා ගෙන යහපත් සමාජයක් ඇති කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිරකරුවන් පුනරුත්ථාපන හා බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ඊයේ (නොවැ. 17) පෙරවරුවේ  පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ අවස්ථාවට බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් දී වී.ආර්. සිල්වා, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල්  දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු  නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16