අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙක් සඳහා වියදම් කළ හැකි මුදල රුපියල් 20යි

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙකුට මැතිවරණය වෙනුවෙන් වියදම් කළ හැකි මුදල සීමා කර තිබෙනවා.

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල තීරණය කිරීමට පසුගිය 24 වනදා සම්මත වූ මැතිවරණ ප්‍රචාරක වියදම් පාලන පනත මගින් කොමිසමට බලය පැවරී තිබෙනවා.

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට, එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 20 ක්.

ඊට සියලු සංග්‍රහ සහ ප්‍රචාරණ වියදම් ද ඇතුලත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ.

සභාපතිවරයා කියාසිටියේ මෙම තීරණය සම්බන්ධයෙන් සියලු පක්ෂ කැඳවා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවයි.

උදාහරණයක් ලෙසට එක් ඡන්ද කොට්ඨාශයක ඡන්ද දායකයන් 1000ක් සිටින්නේ නම් අපේක්ෂකයෙකුට ඔවුන් වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20000ක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිළි කළේ.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වූ බවට තමා දැනුවත් වූයේ ද මාධ්‍ය වාර්තාවලින් බව ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20