අපි පසු කරන්නේ අසීරු කාලයක්

අපේ විරුද්ධවාදීන්ට විවේචනය මිස ලබා දෙන වගකීමක් ඉටු කරන්න හැකියාවක් නෑ අප පසු කරමින් සිටින්නේ අමාරු කාලයක් වුව ද ජනතාවගේ ප්‍රශ්න දෙස බලා සහනයක් ලබා දෙන වැඩපිළිවෙළකට යන බව අඟමැතිතුමා ඊයේ අවධාරණය කලා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ ඊයේ (26) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය වලේබොඩ ගුණසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.එම උත්සව අවස්ථාව අමතා අඟමැතිතුමා කළ කතාව මෙසේ ය.

අවුරුදු 20ක් ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරල මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගත්ට අපි සුබ පතනවා. මොකද ජගත් එක පැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේ ම මුළු ලංකාවෙ ම සමෘද්ධි ව්‍යාපාරයටත් නායකත්වය දෙන්න ඔහුට ශක්තිය තිබුණා. ඒ නිසා අපි ඔහු හඳුන ගත්තේ එක ප්‍රදේශයක නායකයෙන් වශයෙන් නෙමෙයි, රටේ ම වැඩි දෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.
එතුමා හැම වෙලාවෙ ම ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කළ කණ්ඩායමේ ඔහු හිටියා. ඔහු කණ්ඩායමේ දී කතා කළ යුත්තේ මොනවා ද, පක්ෂ නායකයින් ඉදිරියේ කතා කළ යුත්තේ මොනවා ද, ඒ වගේ ම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ යුත්තේ මොනවා ද, නොකළ යුත්තේ මොනවා ද කියන එක පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කළා. සමහරු දේශපාලනික වශයෙන් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලලා කටයුතු කරන්න අපොහොසත්. ඔවුන්ට හැම කටයුත්ත ම විවේචනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ට වගකීමක් භාර දුන්නා ම ඒ වගකීම ඉටු කරන්න පුළුවන්කමක් නැති බව ඉතිහාසයේ පෙන්නල තියෙනවා. අපිට අමාරු කාලයක් ඇවිත් තියෙන්නේ.
ඒ බව අපි පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ඔබට ලැබිය යුතු සියලු දේ ලබා දෙනවා. අපිට හැකි හැම දෙයක් ම ලබා දෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩ පිළිවෙළකට යන්න කටයුතු කරන බව මේ අවස්ථාවේදී මතක් කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50