අපරාධ රැසකට සම්බන්ධ හොර වෙදෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් පොළොන්නරුවේ දී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

ඊයේ (05) රාත්‍රීයේ මෙම සැකකරු පොළොන්නරුව, දීපඋයන ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 59 හැවිරිදි සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බොරැල්ල,මහනුවර, මිනුවන්ගොඩ, දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ව්‍යාජ වෛද්‍යවරයා සන්තකයේ තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනු පතක් ඇතුළු තවත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39