අපරාධවලට සම්බන්ධ 4ක් පොලිස් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ පුද්ගල ඝාතන සහ තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාතලේ නාවුල සහ මොරටුව ප්‍රදේශවලදීයි. නාවුල ලේණමීය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මස 5 වනදායි මෙම ඝාතනය සිදුවී තිබුණේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධයට යොදාගත් පිහි දෙකක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

අවුරුදු 38 සහ 49 වයස්වල පසුවන සැකකරුවන් නාවුල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් අද නාවුල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මොරටුව ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාළ සැකකරුවෙකු ඊයේ රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මොරටුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ.

එම පුද්ගලයා සතුව තිබී මන්නා පිහි 5ක් කඩු 3ක් සහ තවත් පිහියක් සොයා ගැණුනා.

මොරටුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ මුදලට මෙලෙස පුද්ගලයින් කපා කොටා පහරදීම් සිදු කරන බවටයි.

සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59