“අනේ සර් ආයෙත් කරන්නේ නැහැ සර්” සතොසෙන් බඩු හොරකම් කළ කාන්තාවක් හඬා වැටෙයි

අද (03) දිනයේ හැටන් සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාවක් අල්ලාගැනිමට එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සමත් වී තිබුණා.

හැටන් රොතැස් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සතොස ශාඛාව වෙත පැමිණ ආහාර ද්‍රව්‍ය රැසක් රැගෙන ඉන් රු 1800 පමණ වටිනා භාණ්ඩ කිහිපයක් ඇයගේ අත්බැගය තුළ සඟවා ගන්නා අයුරු එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සිසිටීවි කැමරා හරහා දැක තිබුණා.

භාණ්ඩ සොරාගත් කාන්තාව විසින් ඇය සතොස ශාඛාවෙන් ලබා ගත් රු 300 පමණ වටිනා භාණ්ඩවලට පමණක් මුදල් ගෙවා පිටතට පැමිණෙන අවස්තාවේ සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් ඇයගේ අත්බැගය පරික්ෂා කිරිමේදි බැගය තුල රු 1800 පමණ වටිනා භාණ්ඩ තිබි සොයගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ නිලධාරින් භාරයට ගත් එම කාන්තාව සොරා ගන්නා ලද  භාණ්ඩ වල වටිනාකම සතොස ශාඛාවේ කලමණාකාරු විසින් අයකරගෙන එම භාණ්ඩ සතොස ශාඛාවේ භාරයට ගෙන එම කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැරිමට සතොස ශාඛාවේ කලමණාකාරිත්වය කටයුතු කරනු ලැබුවා.

සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාව පිලිබදව සියළුම සතොස ශාඛා වෙත දැනුම් දෙන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පවසා සිටියා.

එහිදී ඇය විසින් නිලධාරීන් වෙත කළ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00