ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හමු වී තිබෙනවා.
එහිදී ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථික අභියෝග සහ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බව එහිදී විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.













