අනුරාධපුර ලංගම සේවකයින් වැඩ වැරුමක(ඡායාරූප)

හිඟ වැටුප් වහා ලබා දෙන ලෙසට බලකරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වනවා.

2020 වසරේ සිට තමන්ට ගෙවිය යුතු හිඟ වැටුප් හා වර්ධක දීමනාව මෙතෙක් ලබා දී නොමැති බවටයි ඔවුන් චෝදනා නගන්නේ.

අද දහවල් ආරම්භ කළ වර්ජනයට රියදුරන්,කොන්දොස්තරවරුන් සහ කාර්මික ශිල්පීන් ඇතුළු 300කට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වනවා.

මෙම ගැටලුවට අද දිනය තුළ විසඳුමක් ලබා නොදෙන්නේනම් හෙට සිට අනුරාධපුර ඩිපෝ 07 ක සේවකයින් වර්ජනයට එකතු කර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් එස් කේ ගුනසිංහ මහතා පැවසුවා.

vlcsnap 2023 04 03 14h57m35s943 2
vlcsnap 2023 04 03 14h57m43s766
vlcsnap 2023 04 03 14h57m56s038
vlcsnap 2023 04 03 14h58m03s153
vlcsnap 2023 04 03 14h58m13s148