අනුරාධපුරයට එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

පොසොන් උත්සව සමයේ අනුරාධපුර නගරය සහ ඒ අවට පූජා භූමි ආශ්‍රිතව පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ පොලිස් නිලධාරීන් 2500ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 900ක් පමණ මෙම ආරක්ෂක වැඩසටහනට එක්වන බවයි.

පොසොන් උත්සවයට පැමිණෙන රථ වාහන ගාල් කිරීම සඳහා අනුරාධපුර පූජා නගරය මූලික කර ගනිමින් රථ ගාල් 20ක් සහ මිහින්තලයේ රථ ගාල් 6ක් ස්ථාපිත කර තිබෙනවා.

බැතිමතුන් සඳහා විවේකීව කාලය ගත කිරීම වෙනුවෙන් අනුරාධපුරයේ ගිමන් හරින ස්ථාන 6ක් සහ මිහින්තලේ නගරයේ ස්ථාන 5ක් සූදානම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ප්‍රදේශවල බැතිමතුන් විසින් පරිහරණය කරනු ලබන වැව් හා ජලාශ ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150කට අධික පිරිසක් ද ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජිකයන් 130ක් පමණ ද නාවික හමුදා නිලධාරීන් 15ක්, සිවිල් ආරක්ෂක බලකා ජීවිතාරක්ෂක නිලධාරීන් 40ක් වශයෙන් නිලධාරීන් 355ක පමණ පිරිසක් ද යොදවා තිබෙනවා.

බැතිමතුන් වැඩි වශයෙන් භාවිත කරනු ලබන වැව් හා ජලාශ ආශ්‍රිතව බෝට්ටු යොදවා බැතිමතුන්ගේ ආරක්ෂාවට ද පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වන්දනාවේ පැමිණෙන තරුණ පිරිස් සහ අනෙක් පුද්ගලයන් මත්පැන්, මත්ද්‍රව්‍ය ඇතුලු නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන පැමිණීම වැළැක්වීම සඳහා පූජා නගරය වෙත පිවිසීමට ඇති ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක 8ක් පමණ සහ පූජා භූමිය තුල මාර්ග බාධක 7ක් පමණ ස්ථාපිත කර තිබෙනවා.

මෙම කාලසීමාව තුල අනුරාධපුර පොසොන් කලාපය තුළ පැය 24 පුරා විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක වන අතර බැතිමතුන්ට හදිසි තත්ත්වයකදී දැනුම්දීම සඳහා එම මැදිරියේ 025 2222226 යන අංකය භාවිත කළ හැකියි.

Police1
Police2 scaled
  1. SEASON KALETA MAMANAM OYA EKAMA THANAKAWATH YANNE NAHE. EKKO PATAN GANIPU HATIYE YANWA. SRI PADHAYA YANNE EHEMAYI. APE EWUNTA BUDHDALAMBHANA PRETHIYA DORE GALANAWA PADI PELI DEPATHTHEMA REELA, HUJJA KARALA. HIS TIN BOTHAL, PLASTIC POLYTHENE GODA GAHALA, WAMANE DALA. PADI WALA HITAN. GU GODAWAL NOPAGEE YANNA BIMA BALAGENAMA YANNA MARA TRY EKAK DENNA ONA. SEETHA GANGULE KAWADAWATH NALA NAHE, EYI MUN UDATA GIHIN RENAWA WATHURATAMA PAHANA NANA UNGE OLUWE INDHAN. PUDUMA KALAKANNI MINISSU INNE.MAMA SRI PADHA MULIN GIYE SEASON MEDHA HARIYE, ANURADHAPURE YANNE POYA DAWASATA KALIN NE. GANN DEYAK NAHE. KANDY WITHARAYI TIKAK BERILA THIYENNE, JANAKEERNA NISA. NATHINAM BITHTHI DIGEMA REWANAWA APE UNTA SHRAADHDHAWA UTHURALA GIYAMA. WESAK UNATH EHEMAYI, GALLE FACE GANNA DEYAK NAHE AHU MULU WALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18