spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරපුරයේ කුඹුරු අක්කර දහයක වී අස්වනු වන අලි වනසයි

අනුරාධපුර නාච්චාදූව 5 ඇල ප්‍රදේශයේ වී වගා කර ඇති කුඹුරු අක්කර දහයක වී අස්වනු නෙලීමට ලංව තිබූ වගාවන් වන අලින් විසින් විනාශ කර තිබෙනවා.

තවද කෙසල් අක්කර පහක් පමණ විනාශ කර තිබෙන අතර, ගොවියන් කියා සිටින්නේ මෙම වන අලි උවදුර හේතුවෙන් තම එදිනෙදා ජීවිකාව පවා ගෙවා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් තම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකිව අන්ත අසරණව සිටින බවයි.

මේ වන විට ජීවිත හානිද කීපයක් සිදුව ඇති බවත් නිවාස සහ දේපල හානි මෙන්ම තම වගාවන් ද හානි කරන බැවින් මෙම ගැටලුව කොතෙකුත් දැනුවත් කළද මේ පිළිබඳව රජය කිසිදු සොයා බැලීමක් නොකරන බව ඔවුන් පවසනවා.

මෙවර ඔවුන් වගා කර ඇත්තේ, බැංකුවලට ණය වී සහ තම අත කනකර උකස් කර ලබාගත් මුදලින් බවත් මෙවර එම ණය ගෙවීමට හෝ තම රත්තරන් බඩු බේරාගැනීමට නොහැකිවන බවද එම ගොවියන් පවසනවා.

මෙම වගා හානි වලට වන්දියක් ලබා දෙන ලෙසත් තම ආරක්ෂාව සඳහා ශක්තිමත් අලි වැටක් සාදා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?