අනුරපුරයේ කුඹුරු අක්කර දහයක වී අස්වනු වන අලි වනසයි

අනුරාධපුර නාච්චාදූව 5 ඇල ප්‍රදේශයේ වී වගා කර ඇති කුඹුරු අක්කර දහයක වී අස්වනු නෙලීමට ලංව තිබූ වගාවන් වන අලින් විසින් විනාශ කර තිබෙනවා.

තවද කෙසල් අක්කර පහක් පමණ විනාශ කර තිබෙන අතර, ගොවියන් කියා සිටින්නේ මෙම වන අලි උවදුර හේතුවෙන් තම එදිනෙදා ජීවිකාව පවා ගෙවා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් තම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකිව අන්ත අසරණව සිටින බවයි.

මේ වන විට ජීවිත හානිද කීපයක් සිදුව ඇති බවත් නිවාස සහ දේපල හානි මෙන්ම තම වගාවන් ද හානි කරන බැවින් මෙම ගැටලුව කොතෙකුත් දැනුවත් කළද මේ පිළිබඳව රජය කිසිදු සොයා බැලීමක් නොකරන බව ඔවුන් පවසනවා.

මෙවර ඔවුන් වගා කර ඇත්තේ, බැංකුවලට ණය වී සහ තම අත කනකර උකස් කර ලබාගත් මුදලින් බවත් මෙවර එම ණය ගෙවීමට හෝ තම රත්තරන් බඩු බේරාගැනීමට නොහැකිවන බවද එම ගොවියන් පවසනවා.

මෙම වගා හානි වලට වන්දියක් ලබා දෙන ලෙසත් තම ආරක්ෂාව සඳහා ශක්තිමත් අලි වැටක් සාදා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37