AFC Banner
AFC Banner
Empty Ad

අනියම් සැමියා කතක්ගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කරලා

ඊයේ (14) රාත්‍රියේ සීදුව පොලිස් වසමේ මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මරණකාරිය 26 හැවිරිදි පලුගොල්ලාගම, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය අනියම් පුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් අනියම් පුරුෂයා විසින් මරණකාරියගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?