spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අන්තවාදී දේශක රුවන් පසුපස ගිය මොරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී පසුගියදා සියදිවි හානිකරගත් අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොරිස් ප්‍රීති කුමාර නැමැති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදු කෙරුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අම්බලන්ගොඩ නගර සභා පොදු සුසාන භූමියේ දී එම අවසන් කටයුතු සිදුකළ බවයි.

මොරිස් ප්‍රීති කුමාර නැමැති 35 හැවිරිදි මෙම පුද්ගලයා, පසුගිය දා සියදිවි නසාගත් අන්තවාදී දේශන පැවත් වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනාවලට සම්බන්ධ වී සිටි අයෙක් බවයි අනාවරණය වුණේ.

ඔහු රුවන් ප්‍රසන්න නැමැත්තාගෙන් අවමංගල්‍ය කටයුතු සඳහා ද සහභාගී වී ඇති අතර, එම කටයුතුවලට සහභාගී වීමෙන් පසු ඔහු මෙලෙස මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී සියදිවි හානිකරගෙන තිබුණා.

සයිනයිඩ් බවට සැකකරන රසායනික ද්‍රව්‍ය ශරීරගතකර ගැනීමෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වුණේ.

මෙම තරුණයාගේ අවසන් කටයුතු සඳහා අදාළ ආගමික නිකාගේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටි බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
1
+1
3
+1
6
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?