මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී පසුගියදා සියදිවි හානිකරගත් අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොරිස් ප්‍රීති කුමාර නැමැති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදු කෙරුණා.
අප වාර්තාකරු සඳහන් කළේ අම්බලන්ගොඩ නගර සභා පොදු සුසාන භූමියේ දී එම අවසන් කටයුතු සිදුකළ බවයි.
මොරිස් ප්‍රීති කුමාර නැමැති 35 හැවිරිදි මෙම පුද්ගලයා, පසුගිය දා සියදිවි නසාගත් අන්තවාදී දේශන පැවත් වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනාවලට සම්බන්ධ වී සිටි අයෙක් බවයි අනාවරණය වුණේ.
ඔහු රුවන් ප්‍රසන්න නැමැත්තාගෙන් අවමංගල්‍ය කටයුතු සඳහා ද සහභාගී වී ඇති අතර, එම කටයුතුවලට සහභාගී වීමෙන් පසු ඔහු මෙලෙස මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී සියදිවි හානිකරගෙන තිබුණා.
සයිනයිඩ් බවට සැකකරන රසායනික ද්‍රව්‍ය ශරීරගතකර ගැනීමෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වුණේ.
මෙම තරුණයාගේ අවසන් කටයුතු සඳහා අදාළ ආගමික නිකාගේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටි බවට තොරතුරු වාර්තා වනවා.














Yako NGO karayan mudalwalata minissun rawatanawa agam walata badawa ganna hadanawa
Ko
Yako police gam wala pansal nathida
Okunta ghapiyaw dututhana mithya dustikayanta
ඔවුන්ගෙ මූලික තොරතුරු අනාවරණය කරන්න. ඇත්තටම තමන්බෞද්ධ කියල කී පමණකට ඔහු බෞද්ධයෙක්ද වෙනත් කෙනෙක්ද කියල කොහොමද කියන්නෙ.ඒ නිසා හැම කුණුගොඩක්ම බෞද්ධකමට බැර නොකර නිවැරදිව අනන්‍යතාවය හඳුනගන්න. කඩෙන් කහ රෙද්දක් අරගෙන පෙරවාගෙන භික්ෂුන් ලෙස පෙනීසිටින ගිහියා කොච්චර ඉන්නවද. මතකනේ කොටි කලබල කාලෙ බුදු සරණයි කියල ඉදිරිපසින් බෝඩ් ගහගෙන බෝම්බ ලොරි කොච්චර ගියාද. ඒ වාගෙම දෙයක් කරන්න පුළුවන් ජාත්‍යන්තර ජාලවලට සම්බන්ධ, සහයදෙන ද්‍රෝහියො අනන්තයි.