අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් මාදුකාංග හරහා සම්බන්ධතා ගොඩනඟා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා මුදල් වංචා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර සිදුකර මුදල් ඉපයීම සිදුකළ හැකි බව පවසා රුපියල් ලක්ෂ 4,386,219ක් වංචා කර එම මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (02) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 23ක බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted