අන්තර්ජාලයට මෑතකදී ප්‍රවිෂ්ඨ වූ අය ප්‍රවේසම් වන්න

මෙරට සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා ඉහළයමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසනවා.

එලෙස වංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ තරුණ පිරිස්, ඉතාමත් වැඩිහිටි පිරිස් සහ අන්තර්ජාලය සඳහා මෑතකදී ප්‍රවිෂ්ඨ වූ පිරිස් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ හෝ ප්‍රසිද්ධ ආයතනයක නාමයන් භාවිත කරමින් සුවිශේෂී විශේෂ උපක්‍රම යොදාගෙන මේ වංචනිකයන් විසින් දුරකථන අංක, මුරපද සහ OTP අංකයන් ලබා ගැනීම හරහා මෙම මුල්‍ය වංචාවන් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙන්නේ.

එමෙන්ම දිනුම් ඇදීම් යැයි පවසමින් ඔබගේ රහස්‍ය දත්ත ලබාගෙන ඔවුන් මෙම වංචාවන් සිදුකරගෙන යන බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව මෙලෙස යම් කිසි පුද්ගලයෙක් විසින් ඔබ සමඟ සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමට උත්සහ කරන්නේ නම් ඒ පිළිබදව ළඟම පොලිසිය දැනුවත් කිරීමට සහ ඉන් ඉදිරියට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

තවද 2026 වර්ෂයේ දී මෙම මූල්‍ය වංචාවන් මැඩපැවැත්වීම සඳහා පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බවත් එවැනි වංචාවන් පිළිබදව 011 – 2300638, 011 – 2381058 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දීමේ හැකියාවද පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08