අන්තගාමි දේශන පැවැත්වූ දෙදෙනෙක් අල්ලයි

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරාන් හසීම් දේශන පැවැත්වූ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක සේවය කරන පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නීතිපතිවරයාගෙන් ලද උපදෙස් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සහරන් හසිම් නැමැත්තා මෙම පාසලට පැමිණ එහි ඉගෙනුම ලබන දරුවන්ට දේශන පැවැත්වූ බවට අනාවරණය වීමෙන් අනතුරුව නීතිපතිවරයා ගෙන් මෙලෙස උපදෙස් ලැබී ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 27 හලාවත සහ මදුරන්කුලිය පදිංචිකරුවන් ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?