යාපනය ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ළමා නිවාසයක් පොලිසිය සහ ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (02) දින වටලා තිබෙනවා.
එහිදී එම ළමා නිවාසයේ සිටි දැරියන් 13 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනවසරයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ළමා නිවාසය තුළ දැරියන්ට වද හිංසා පමුණුවන බවට ලද තොරතුරක් මත කෝපායි පොලිසිය හා ළමාරක්ෂණ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ළමා නිවාසයේ රැඳී සිටි දැරියන් අද (03) දිනයේ දී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













