අනතුරු සංඥා නොතැකූ මෝටර් රථයක් දුම්රියක හැප්පෙයි – දෙදෙනෙක් රෝහලේ

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ දී දුම්රියක මෝටර් රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ වස්කඩුව, කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු තුවාල ලැබූ දෙදෙනා මෝටර් රථය තුළ සිරවී සිටිය දී ප්‍රදේශවසින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ස්ථානයේ දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය ක්‍රියා කරන බවත්, මෝටර් රථයේ රියැදුරු අනතුරු සංඥා නොතකා දුම්රිය මාර්ගයට රථය ඇතුළත් කළ අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?