අධිවේගයේ වාහනවල ආසන පටි පැළඳීම ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගින් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධිවේගී මාර්ගවල සිදුවන රථ වාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025-09-25 දිනැති අති විශෙෂ ගැසට්‌ නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරණ මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කර තිබෙනවා.

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීමටයි අනිවාර්ය කර ඇත්තේ.

ඒ අනුව එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?