අධිබලැති විදුලි රැහැනක ගැටී කුලියාපිටියේ දී අයෙක් මරුට (ඡායාරූප)

කුලියාපිටිය නගරයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පුද්ගලයා සිව්මහල් ගොඩනැගිල්ලේ තෙවැනි මහලෙන් පිටත කිසියම් කාර්යයක යෙදෙමින් සිටිය දී අසලින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක මෙලෙස ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අද (03) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් පසු එම පුද්ගලයා රෝහල් ගතකළ ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

  1. ADHI BALATHI WIDULI REHEN? HIGH RISE BUILDBING LANGA? YAKO PLAN PASS KALEYI KAWUDHA? MINIHEKUGE ATHE DURIN WIDULI REHEN THIYENNE BUILDING HADANNA AWASARA DUNNE KAWUDHA? PARA MEDHA INDHALA ADI 40-50 DURIN THAMAYI BUILDING HADANNA PLAN PASS KARANNE. OKATA CONNECTION DENNA ENAKOTA CEB HO LECO UN NIDHI WADHILADHA CURRENT DUNNE? OYA BUILDING MAINTENANCE KARANNA ONA AWAMA IDA KO? PAINT KARANNA, REPAIR KARANNA PRAMANAWATH IDAK THIAYALAYI BUILDING HADANNA PASS KARANNE. MOKADHA PASS KALAYI?