අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියට ඇප

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනුණු හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන් කුමාරි ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ඒ, අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියම කළා.

එමෙන්ම හානිපූර්ණ කාර්යාලය කටයුතුවලට සම්බන්ධ නොවන ලෙස සැකකාරියට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකාරිය හානිපූර්ණ කාර්යාලය කටයුතුවලට යෙදවීමට කටයුතු නොකරන ලෙස අමාත්‍යංශය ලේකම්ට නියම කර සිටියා.

සැකකාරිය දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වීම සහ ඇය මෙම සිද්ධිය හරහා මූල්‍ය වාසියක් ලබානොගැනීම යනාදී කාරණා සුවිශේෂි කරුණු ලෙස සැලකිල්ලට ගනිමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රත්වරයා සඳහන් කළා.

අනතුරුව පැමිණිල්ල මෙම මස 14 වනදා යළි කැඳවීමටයි නියෝග කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් අරගලකරුවන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව ඊට වන්දි වශයෙන් රුපියල් 8,850,000ක මුදලක් ගෙවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය අල්ලස් කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40