අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

අද (22) දිනයේ දී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ පිළිබද තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුව සන්නිවේදනය දෙපාර්තමේන්තුව පවසන්නේ.