අධිකරණ ඇමතිගේ එළියට ආ වීඩියෝවේ ඇත්ත නැත්ත හෙළිවෙයි

2026 අගෝස්තු 13 වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර රිය පදවන අතරතුර සජීවීව විකාශය කළ බව පවසමින් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව, මීට වසර තුනකට පෙර පටිගත කරන වීඩියෝවක් ]බව කරුණු පරීක්ෂාවකින් සොයාගෙන තිබෙනවා.

Fact Crescendo Sri Lanka වෙබ් අඩවියට අනුව, මෙම වීඩියෝව 2023 අගෝස්තු 13 වන දින හර්ෂණ නානායක්කාර, කැබිනට් අමාත්‍යවරයෙකු වීමට පෙර ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක ලෙස සේවය කළ කාලය තුළ සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ වීඩියෝවක් වනවා.

අමාත්‍යවරයා “අද අගෝස්තු 13” යැයි පැවසීමෙන් පසු සමාජ මාධ්‍යවල වීඩියෝව නැවත මතු වූ අතර, එමඟින් මෙම වසරේ අගෝස්තු 13 වන දින එය පටිගත කර ඇති බව ඇතැම් පරිශීලකයින් විශ්වාස පළකළා.

කෙසේ වෙතත්, මෙම දර්ශන 2023 අගෝස්තු 13 සිට අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

සම්පූර්ණ වීඩියෝවේ දැක්වෙන්නේ එවකට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සහභාගී වූ මොරටුවේ පැවති ජාතික ජනබලවේගයේ ආසන රැස්වීමකට ආධාරකරුවන්ට හර්ෂණ නානායක්කාර මහතා ආරාධනා කරන බවයි.

හර්ෂණ නානායක්කාර රිය පදවන අතරතුර ඔහුගේම ජංගම දුරකථනය භාවිත කර වීඩියෝව පටිගත කළ බවට කරන ප්‍රකාශ ද කරුණු පරීක්ෂාවෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

සම්පූර්ණ දර්ශනවල ඉදිරිපස මගී අසුනේ වාඩි වී සිටින තවත් පුද්ගලයෙකු හර්ෂණ නානායක්කාර රිය පදවන ආකාරය සහ කැමරාවට කතා කරන ආකාරය පටිගත කරන ආකාරය දැක්වෙන බව Fact Crescendo Sri Lanka වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඒ, අනුව Fact Crescendo වෙබ් අඩවිය විසින් සමාජ මාධ්‍ය ප්‍රකාශ වර්ගීකරණය කළේ මෙම දර්ශන මෑත කාලීන වීඩියෝවක් ලෙස “නොමඟ යවන සුළු” ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04