ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව අගමැති හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන්කර සිටියේ මහනුවර, මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගිය (28) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වූ අවස්තාවට එක් වෙමින්.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බවයි.
සිසුන්ට විශාල බරක් නොවන ලෙස ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ක්‍රමිකව වෙනස් කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය පවසා සිටියා.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි ශිෂ්‍යාවන් ආමන්ත්‍රණය කරමින් පැවසුවේ නීතිගරුක නොවන පුද්ලයෙකුට කිසිවිටෙකත් නීති සම්පාදකයෙකු විය නොහැකි බවයි.
නීතිගරුක සමාජයක් බිහිකිරීම වෙනුවෙන් සියලු දෙනා කැපවී කටයුතු කළයුතු බවත් ඔහු පෙන්වා දුන්නා.




