කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද (08) දිනයේ සිට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.
එම මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගතවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1