අද යාපනයේ වෙරළ තීරයකින් මතු වූ දේ නිසා නාවික හමුදාවෙනුත් ප්‍රකාශයක්

නාවික හමුදාව විසින් අද අලුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සිය බාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 6 ට අධික බවද නාවික හමුදාව සදහන් කළා.

නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව වෙරළ ආශ්‍රිතව අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක සඟවා තිබු මෙම කේරළ ගංජා තොගයක් සොයා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?