අද මිලියනයක් කොළඹට එනවලු! බයටද ගෝල්ෆේස් එක වැහුවේ ?

සංවර්ධන කටයුතු සිදුකෙරෙන බැවින් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා දමා ඇති බවට ඊයේ සවස සිට නිවේදනයක් සවිකර ඇති අතර ඒ හේතුවෙන් ගාලු මුවදොර පරිහරණය කිරීමට කිසිවෙකුට තිබූ ඉඩ අවුරා තිබෙනවා.
විරෝධතාවක් සඳහා අද දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ අතර ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය වෙමින් පැවතිණි.  ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තුවේ විමසා සිටි නමුත් කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්