spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද දිනයේ ගිඟුරුම් සහිත වැසි

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල අද (04) දිනය තුළ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?