අපවත් වී වදාළ පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් පස්වරු 1 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර අද පස්වරු 1ට ගල්කිස්ස ධර්මපාලාරාමයෙන් ආරම්භ වනවා.

රිය පෙරහැර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් වජිර පාර ඔස්සේ හැව්ලොක් මාර්ගයයට පිවිසීමට නියමිතයි.

ඉන් අනතුරුව තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් පාර ඔස්සේ ඉදිරියට පැමිණෙන රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වටරවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළගා වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?