අද කාළගුණයේ වෙනසක්…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 50 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර/ වයඹ/ සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇතිවිය හැකියි.

ඊට අමතරව බස්නාහිර/ සබරගමුව / මධ්‍යම / වයඹ සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන්.