අදත් ඉන්දීය ගුවන් යානාවලට බෝම්බ තර්ජන 25කට වැඩි සංඛ්‍යාවක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 25 කට වැඩි සංඛ්‍යාවකට අද (25) දිනයේ බෝම්බ තර්ජන එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්ඩිගෝ, විස්තාරා සහ ස්පයිස් ජෙට් යන ගුවන් සමාගම්වල යානා 07 බැගින් තර්ජන එල්ල වී ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් යානා 06කට අද දිනයේ මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින 12ක් තුළ ඉන්දීය ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා 275කට අධික සංඛ්‍යාවකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී ඇති බවයි.

මෙම බොහෝ තර්ජන එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා බවයි වාර්තා වුණේ.

මේ අතර ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමාජ මාධ්‍ය සමාගම්වලට දැනුම් දී ඇත්තේ, බෝම්බ තර්ජන සම්බන්ධ තොරතුරු රජයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කඩිනමින් ලබා දෙන ලෙසයි.

බෝම්බ තර්ජන එල්ල වීමත් සමඟ ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට, ප්‍රමාද කිරීමට හෝ සෝදිසි කිරීම්වලට ලක් කිරීමට සිදුවී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?