අතේ සභාපති නිමල් සිරිපාලට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ජූලි මස 23 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (27) කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වග උත්තරකාර තිලංග සුමතිපාලගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්නේ මෙම සිද්ධියට අදාළ ව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුකරය සමථයට පත්කර ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම ජුලි මස 23 වැනිදා කැඳවීමට ද නියම කෙරුණා.

පෙත්සම්කාර නිමල් සිරිපාල ද සිල්වා කියා සිටින්නේ තිලංග සුමතිපාල මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ද නිදහස් පක්ෂ කාර්යාලයේ කොටසක තිබෙන බවයි.

ඉකුත් වසරේ තිලංග සුමතිපාල පක්ෂ කාර්යාලය තුළ සිටිය දී ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඉබි යතුරු දමා දොර වසා දැමූ බව චෝදනා කරමින් තිලංග සුමතිපාල විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෞද්ගලික පැමිණිල්ල තුළින් සාපරාධී බලය යෙදවීම සහ අයුතු රඳවා ගැනීම යන චෝදනා එල්ල කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

එම පැමිණිල්ල සලකා බැලූ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට ඉකුත් වසරේ ජූලි මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇතැයි සඳහන් කළ සිරිපාල ද සිල්වා එසේ සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමන්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21