අතුරුදන්ව සිටි ඉංජිනේරු පීඨ සිසුවා යළි පැමිණෙයි

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි බවට වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා යළි විශ්වවිද්‍යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

දින දහයකට පසු ඔහු යළි විශ්වවිද්‍යාලය වෙත පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉංජිනේරු පීඨයේ තුන්වන වසර ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිසුවෙකු පසුගිය 03 වනදා සිට අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.