AFC Banner
AFC Banner
Empty Ad

අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස පරිපූරක ඇස්තමේන්තුවකට කැබිනට් අවසරය

පසුගිය වකවානුවේ දී රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ණය මූල්‍යකරණය හරහා ක්‍රියාත්මක කළ ඇතැම් ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලද බැවින්, විදේශ ණය මූල්‍යකරණය යටතේ ලබා දුන් ප්‍රතිපාදන සම්පූර්ණයෙන් යොදා ගැනීමට නොහැකි වී තිබෙනවා.

අමුද්‍රව්‍ය මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් දේශීය මූල්‍යකරණය යටතේ දරන ලද වියදම් ද විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණේ.

එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බිල්පත් පියවීම සඳහා දැනට වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් වාර්තා වනවා.

මෙම කරුණ පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2024 වර්ෂය සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත විදේශ ණය මූල්‍යකරණය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන ඉතිරිවීම් වෙනුවට දේශීය මූල්‍යකරණය යටතේ අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස පරිපූරක ඇස්තමේන්තුවක් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?