spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත් පා ගැට ගසා පොහොර උරයක දමා සැඟවූ සිව් හැවිරිදි දරුවා සොයාගැනේ

ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේදී දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.

වයස අවුරුදු 04ක් වූ එම දරුවා ඊයේ පස්වරුවේ තනිව නිවසින් පිටතට ගිය අවස්ථාවේ මෙලෙස රැගෙන ගොස් අත්පා ගැට ගසා පොහොර උරයක දමා ගැට ගසා තිබියදී සොයාගෙන ඇත.

කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?