අතට හම්බවෙන ගාණ නිසා 40 පැනපු අය ආවත් මම වැඩේ කරගෙන ගියා

වැරදි පාරේ ගියොත් ජීවිතේ කවදාමහරි දවසක වරදිනවා.
සමහර වැරදි අපිට කවදාවත් හදාගන්න බැරිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ වැරදවලින් නැතිවුණු ජීවිතේ ආයෙමත් ලබාගන්නත් බැරිවෙන්න පුළුවන්.
මේ ජීවිතේ වැරදි පාරේ ගිහින් ජීවිතය වරද්දගත්තු තරුණියකගේ ජීවිත කතාවයි.

“තව දවස් පහයි.. ඊට පස්සේ මම ගෙදර යනවා.”
ඇය එසේ කියන්නේ දෑසේ කඳුලක් පුරවාගෙන. අමායා හැඩකාරියක්. ඇගේ වයස අවුරුදු 25 යි.

කොයි තරම් කාලයක් හිරේ හිටියද..?
අවුරුදු 4 යි.. හිරගෙදර එන්නට හේතුව කියන්න මුලදී ඇය අකමැතිවූවාය.
නමුදු අපි බොහෝ දේ කතා කළෙමු. ඇය ඇගේ කතාව කියන්නට එකඟ වූවාය.
මම ඉගෙනගත්තේ ගමේ ඉස්කෝලේ. අපේ පවුලේ ඔක්කොම අටදෙනයි.
අම්මා විවාහ වෙලා තියෙන්නේ අඩුවයසෙන්. මම පවුලේ හය වැනියා.
අයියලා දෙන්නයි අනිත් ඔක්කොම ගැහැණු ළමයි.
තාත්තයි අම්මයි හේන් වැඩ කරන්නේ. අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩු දුන්නම හේනේ වැඩට යනවා. අපේ ලොකු අයියා වහ බීලා මැරුණා.

ඒ මොකද..?
ලොකු අයියා තමයි ඉස්සෙල්ලම විවාහ වුණේ. එයා පදිංචි වෙලා හිටියේ අපේ මහගෙදරට ටිකක් එහායින් ගෙයක් හදාගෙන.
අයියා කුලී වැඩ කළේ. අයියලා දෙන්නා නිවුන්නු.
කොහොමහරි ලොකු අයියා නැතිවෙලාවක පොඩි අයියා නෑනට කරදර කරලා තිබුණා.
මුලින් මුලින් නෑනා අකමැති වුණත් පස්සේ එයා නිහඬවම හිටියා.
ඒත් මාස ගාණකට පස්සේ ලොකු අයියට මේක දැනගන්න ලැබුණා.
එයා පොඩි අයියයි නෑනයි එක්ක රණ්ඩු කළා.
පොඩි අයියා ලැජ්ජාවට වහ බිව්වා. පොඩි අයියා මැරිලා සුමානෙකට විතර පස්සේ ලොකු අයියා වහබිව්වා.
ඒත් එයාව බේරගන්න පුළුවන් වුණා. අයියා හොඳ වෙලාවට ගෙදර ආවට පස්සේ නෑනගෙන් අයින් වුණා.
ඒදෙන්නා දික්කසාද වුණා. අම්මයි තාත්තයි තවමත් පොඩි අයියා මැරුණු දුකෙන් ඉන්නේ. ලොකු අයියට පොඩ්ඩක් කල්පනාව අඩුයි වගේ.
ඉන් පස්සේ අපේ පවුලට තිබුණ හයිය නැතිවෙලා ගියා.
අක්කලත් වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. එයාලත් අඩුවයසින් විවාහ වුණා. අක්කලා දෙන්නා විවාහ වෙලා ගමෙන් පිට ගියා.
නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි මමයි විතරයි ඉතිරි වුණේ.

කීයට යනකම් ඉස්කෝලේ ඉගෙන ගත්තද..?
මම සාමාන්‍යෙපළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ ඉගෙන ගන්න උනන්දු වුණේ නැහැ.

ඊට පස්සේ මොකද වුණේ..?
අම්මයි තාත්තයි හැමදාම හේනේ වැඩ. නංගිලා දෙන්නා ඉගෙන ගන්නවා. හේන් කළාට හුගක් සල්ලි හොයන්න බැහැනේ.
මම හිතුවා මම රස්සාවකට යන්න ඕන කියලා. මම රස්සාවල් හෙව්වා.
නමුත් ඉගෙනගෙන නැති නිසා ලොකු රස්සාවල්වලට යන්නත් බැහැ. ඒත් මම රස්සාවකට කොළඹ ආවා.

ඒ කොහෙද..?
පත්තරේ දැන්වීමක් තිබුණා. රූපලාවන්‍යාගාරයකට පුහුණුවෙන්න ළමයි ගන්නවා කියලා. මම ඒක දැක්කා.
ගමේ අයියා කෙනෙක් ඒ කියන්නේ බාප්පගේ පුතා එක්ක මම කොළඹ ආවා. එදා එතැනට ගොඩක් ගෑණු ළමයි ඇවිත් හිටියා.
මාව තේරුණා. පහුවදා ඉදන්ම එන්න කිව්වා.
අපි හොඳ වෙලාවට ඇදුම් අරගෙන ආවේ. අලුතින් ආපු ගෑණු ළමයින්ට බෝඩිමක් ලැබුණා. මාත් හිටියේ ඒකේ. ගමෙන් ආව අපේ ඇදුම් ඒ ගොල්ලන්ට හොඳ වුණේ නැහැ. හැම වෙලාවෙම මැඩම් කිව්වේ ලස්සනට ඉන්න කියලා. අපිට ලස්සනට ඉන්න මැඩම් හොඳට වියදම් කළා.
දවල් දවසේ සැලුන් එකේ වැඩ කරපු අපට නිල ඇඳුමක් ලැබුණා. ඒ ඇඳුම් ඇදන් ඉන්නවා දැක්කමනම් අම්මා මට බනිනවා. ගවුම තිබුණේ දණහිසෙන් උඩට. කර හොඳට කපලා. කොටින්ම කිව්වොත් බොහොම සුළු කොටසයි වැහිලා තිබුණේ.

රූපලාවන්‍ය විතරමද කළේ..?
මුලින් මුලින් අපිත් හිතුවේ රූපලාවන්‍ය විතරයි කියලා.
ටික දවසක් ගියාට පස්සේ තමයි දැනගත්තේ රූපලාවන්‍යාගාරය පිටිපස්සේ මසාජ් ක්ලින්ක් එකකුත් තියනවා කියලා. ඒකේ වැඩ කරන්න හම්බවුණේ ලස්සන සුදු කෙල්ලන්ට.
මමත් සුදු නිසා මටත් ඒකේ වැඩ කරන්න ලැබුණා.
මං වැඩ කළේ කැමැත්තකින් නෙවෙයි. ඒත් සතියක් දෙකක් යද්දි මට ඒක හුරුවුණා. එක එක ජාතියේ පිරිමි එතැනට ආවා.
ගොඩක්ම ආවේ අවුරුදු හතලිහ පැනපු අය. හිතට මහා අමුත්තක් දැනුනත් අතට හම්බවෙන ගාණ ගැන හිතලා මම රස්සාව කරගෙන ගියා.

වෙන කරදර තිබුණේ නැද්ද..?
ඇයි නැත්තේ..? අපේ මැඩම් වැඩිය කැමති ගැහැණු ළමයින්ට. අපිට එයා වෙනුවෙන් ඉන්නත් වුණා. එයාගේ මහත්තයත් අපිව එයාගේ කාමරයට ගෙන්න ගත්තා. මේ කිසිම දේකට මම මුලදි කැමතිවුණේ නැහැ. ඒත් අම්මා අංශභාග රෝගියෙක් වුණා.
නංගිලා අම්මට අසනීපයි කියලා දන්නලා එව්වම මං හොඳටම ඇඩුවා.
එදාම රෑ නෝනයි මහත්තයයි මාව ගමට එක්කගෙන ගියා.
අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නා. මම දවස් පහක් විතර ගෙදර හිිටියා.
අතේ සල්ලි ඉවරවෙනකොට මට ආයේ කොළඹ එන්න සිද්ධ වුණා..

වෙන රස්සාවක් හෙව්වේ නැද්ද..?
නැහැ.. මම ආයෙත් නෝනා ළඟටමයි ගියේ. මම හිතාගත්තා අපිට එතනින් තොර ලෝකයක් නැහැ කියලා.
මම අම්මට බෙහෙත් කළේ ඒ ලැබුණු පඩියෙන්.
නංගිලාට වියදම් කළේ එතැනින් ලැබුණු සල්ලිවලින්.

ගෙදර අය දන්නවද කොහෙද රස්සාව කළේ කියලා..?
කවුරුවත් දන්නේ නැහැ. හැමෝම දන්නේ මම කොළඹ ගාමන්ට් එකක රස්සාව කරනවා කියලා..

හිරේ එන්න වුණේ ඇයි..?
ඇත්තටම ඒක වුණේ මගේ වරදින්. මම කොල්ලෙක් එක්ක යාළුවුණා.
එයාගේ නම සමන්ත. සමන්තලට සල්ලි තිබුණා. එයා අපේ නෝනා හම්බවෙන්නත් එනවා.
සමන්ත ආව හුගක් දවස්වල මට තමයි එයාව බාර වෙන්නේ.
එහෙම තමයි අපි යාළුවුණේ. සමන්ත කුඩු බිස්නස් කරන බව මම දැනගෙන හිටියේ නැහැ. සමන්ත මා එක්ක යාළුවුණේ එයාට මගෙන් වාසි ගන්න කියලා මම දැනගෙන හිටියේ නැහැ.
සමහර දවස්වලට සමන්ත මැඩම්ට කියලා මාව එළියට එක්කගෙන යනවා. එයා එහෙම ගිය දවසට මාව චිත්‍රපටය්‍රක් බලන්න කෑමකට ඒක්ක යනවා.
සමහර දවස්වල මම ඒයත් ඒක්ක ක්ලබ්වලටත් යනවා. දවසක් ඒයා මට බෑග් ඒකක් දුන්නා. බබී ඔයා මේක අර පාරේ එහා පැත්තේ ඉන්න කෙනාට දෙන්න කියලා. මට සමන්තව විශ්වාස නිසා මම ඒ බෑග් එක දුන්නා. එදා බෝඩිමට යද්දි සමන්ත මට රුපියල් විසිදාහක් දුන්නා. මම එයාගෙන් ඇහුවා ඇයි මේ තරම් සල්ලි දෙන්නේ කියලා. එයා මට කිව්වා ආදරේට කියලා. මම ඒක විශ්වාස කළා.

කාලය ගෙවිලා ගියා. මගේ නංගිලා විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ ගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. අම්මා මැරුණා. තාත්තා ගමේ හිටියේ. මම මගේ අක්කලව නංගිලව හැමෝම බැලුවා. ඒත් කවුරුත් මගෙන් ඇහුවේ නැහැ සල්ලි ලැබෙන විදිහ.
දවසක් අපේ තැනට පොලිසියෙන් පැන්නා. එදා අපිට බේරෙන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ඊට කළිනුත් පොලිසියෙන් පැන්නා. ඒ හැම පාරම නෝනා අපිව බේරගත්තා. අපිව අල්ලන්න ආව පොලිස්කාරයෙක් එක්ක මම රණ්ඩු වුණා. හේතු තමයි ඒ පොලිස්කාරයා අපි ඉන්න තැනට නිතර යන එන කෙනෙක්. ඒත් එයා එදා අපිට සමාවක් දුන්නේ නැහැ. ඒකට හේතුව එයා නෝනගෙන් ලොකු ගාණක් ඉල්ලලා. ඒක දෙන්න අකමැතිවුණු නිසා තමයි අපිව පොලිසියෙන් ඇල්ලුවේ.

දැන් හිරෙන් නිදහස් වෙලා කොහෙද යන්නේ..?
ගෙදර යනවා.. මම හිරේ හිටපු කාලේ නෝනයි මහත්තයයි දෙන්නම මාව බලන්න ආවා.
ඒ ගොල්ලෝ මට කියන්නේ ආයෙත් එයාලා ගාවට එන්න කියලා. ඒත් ඒ කාලකන්ණි ජීවිතයට මම කැමති නැහැ. මම හිතාගත්තා ගෙදර යන්න.
තාත්තා වයසයි.. නංගිලාට ඒ ගොල්ලන්ගේ කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. මම ඉතිරි කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. පුංචි කඩයක් පටන් ගත්තම ජීවත් වෙන්න පුළුවන්.. නංගිලා මාව අහකදාන එකක් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23