අඩු ආදායම්ලාභීන් 4074ක් මහල් නිවාස 6ක පදිංචි කිරීමට සැලසුම්

තෝරාගත් අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන් මහල් නිවාස සංකීර්ණ 6ක නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර තිබෙනවා.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීමේ ව්‍යාපෘතියේ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත් වුණා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීමයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය මගින් තෝරාගත් අඩු ආදායම්ලාභීන් හඳුනාගෙන ඔවුන් ව්‍යාපෘතිය හරහා ගොඩනඟන මහල් නිවාස සංකීර්ණ 6ක නිවාස ඒකක 4074ක පදිංචි කිරීමට සැලසුම්කර ඇති බවටයි මෙහිදී හෙළි වූයේ.

දැනට ජනතාව පදිංචිකර ඇති මහල් නිවාසවල විදුලි සෝපාන, ගිනි නිවන උපකරණ ආදිය ගලවා ඒවාට දැඩි හානි පමුණුවා ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙම මහල් නිවාසවල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවත් ඒ සඳහා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා, අධ්‍යාපන නිලධාරීන්, ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධවූවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවයි.

එවිට නිවාස සංකීර්ණවල පදිංචිකරවීමට නියමිත අඩු ආදායම්ලාභී ජනතාව සම්බන්ධයෙන් පෙර අවබෝධයක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මහල් නිවාසවල පදිංචිව සිටින ජනතාවට මෙම වසර ඇතුළත හිමිකම් ඔප්පු ලබාදීම අවසන් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32